Search This Blog

Tuesday, February 11, 2014

පළමුවන ඊළාම් යුද්ධය

පළමුවන ඊළාම් යුද්ධය යනු ශ්‍රී ලංකා රජය සහ දෙඊවිකො අතර අවිගත් ගැටුමෙහි ආරම්භක අවධිය හැඳින්වීමට භාවිතා වන නාමයයි. 1970 ගණන් වල සිට දෙමල සන්නද්ධ කණ්ඩායම් හා රජය අතර ගැටුම් තිබුනද 1983 ජුලි 23 වන දින හමුදා මුර සංචාරයකට යාපනයේදී පහරදීම තෙක් පුර්ණ යුද්ධයක් හට නොගත්තේය. මෙම ප්‍රහාරයෙන් සෙබළුන් 13 දෙනෙක් මියගිය අතර , දකුණේ කැරලි තත්වයක් (කළු ජුලිය නමින් හැදින්වුන) හට ගන්තේය. මෙම ගැටුම් 1985 තෙක් දිව ගිය අතර, 1985 දී සාකච්චාමය විසදුමක් වෙනුවෙන් වූ තිම්පු සාකච්චා දක්වා දිවගියේය. තිම්පු සාකච්චා අසාර්ථක වූ අතර ගැටුම් නැවතත් ආරම්භ විය.
1987 වන විට ශ්‍රී ලංකා හමුදා එල්.ටී.ටී.ඊ සංවිධානය යාපනයට කොටු කර තිබුන අතර , ගැටුමට අවසානයක් ගැන විශ්වාසයෙන් සිටියහ. කෙසේ වුවත් , ඉන්දියාවේ සිටින මිලියන 50 ක් වූ ද්‍රවිඩ ජනතාව ගේ පිඩනයට ලක්වූ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි යුද මෙහෙයුම නතර කරන මෙන් ලංකාවෙන් ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප වීම සමග ඉන්දියාව එල්.ටී.ටී.ඊ සංවිධානයට ආධාර පිණිස නැවු කණ්ඩායමක් එවූ අතර එම නෞකා ශ්‍රී ලංකා නාවික හමුදාව නැවැත්වීමත් සමග , ඉන්දියාව ගුවනින් ගැටුමට ලක්වූ නගරයට ආධාර හෙලන ලදී. මෙය පුමලයි මෙහෙයුම ලෙස හදුන්වන ලදී.
මෙම මෙහෙයුම හා ඉන්දීය පාබල හමුදා ශ්‍රී ලංකාවේ මෙහෙයුමකට සුදානම් වීමේ අවධානමත් සමග එවකට ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මෙම ගැටළු කාරී තත්වය මග හරවා ගැනීමට ඉන්දියාව සමග සාකච්චා පැවැත්විය. මෙම සාකච්චා වල එකගතාවයක් ලෙස යාපනය කොටුකරමින් කරන ලද මෙහෙයුම නවතන ලද අතර 1987 ජුලි 29 වන දින ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කරන ලදී. ඉන්පසු ශ්‍රී ලංකා ගමුදව උතුරින් ඉවත් වූ අතර එම ප්‍රදේශයේ පුර්ණ පාලනය ඉන්දියානු සාම සාධක හමුදාවට පවරන ලදී. මේ සමග ඊළාම් යුද්ධයේ පළමු අදියර අවසන් විය.

රට වෙනුවෙන් දිවිපිදූ ප්‍රථම රණවිරුවරිය

ලක් වනිතාව කවදත් එඩිතරය. ගැහැනිය ගෙයි මුල්ලට කර තිබූ යුගය නිමා කරමින් ඇය පිරිමින් හා කරට කර සිටින තත්ත්වයට ආවේ අද ඊයෙක නොවේ. එදා ගේ දොර බලා කියා ගනිමින් දරු මල්ලන් හදා වඩා ගනිමින් කල් ගෙවූ වනිතාව පසු කාලයේදී මුළු මහත් සමාජයම යහ මඟට ගනිමින් රට කරවන තත්ත්වයට ද පත්වූවා ය. අනුලා බිසව, සෝමාවතී දේවිය සහ විහාර මහා දේවිය යුගයෙන් යුගයට රට දැය වෙනුවෙන් පෙරට ආ එවන් කතුන් අතර විශේෂය.
වත්මනෙහි රටේ පවතින කුරිරු යුද්ධය නිසා රට දැය වෙනුවෙන් දිවිපිදූ වීරයන් අතරට වීරවරියන් ද එක්ව සිටීම මුළුමහත් වනිතා පරපුරට ම ආඩම්බරයකි. අප මේ කතා කරනුයේ ද එවන් වීරවරියක් පිළිබඳව ය. රට වෙනුවෙන් දිවිපිදූ ප‍්‍රථම වීරවරිය ලෙස ඇය ඉතිහාස ගතවන්නීය.
ඇය ඉරේෂා නිල්මිණි ද සිල්වා මෙනවියයි. යාපනය ප‍්‍රදේශයේදී ඇය රට වෙනුවෙන් දිවිපිදුවා ය. එල්.ටී.ටී.ඊ. ක්ලේමෝ බෝම්බ ප‍්‍රහාරයකින් මිය යද්දී ඇය යුද හමුදා පොලිස් කණ්ඩායමේ කෝප‍්‍රල්වරියක වූවා ය. එම ප‍්‍රහාරයෙන් ඇගේ සිරුර හඳුනාගත නොහැකි තරමට සුනු විසුණු වූයේය. පූර්ණ භූමිහා දේශපුත‍්‍රසම්මානයෙන් පුද ලද කෝප‍්‍රල් ඉරේෂා නිල්මිණි යුද හමුදා පොලිස් හා යුද හමුදා නිත්‍ය බලකායේ ප‍්‍රථමයෙන් දිවිපිදූ නිත්‍ය රණවිරුවරිය ලෙස යුද හමුදා ඉතිහාසයට එක් වන්නීය.
ඇය පිළිබඳ 10 වැනි ගුණ සමරුව පසුගිය ජනවාරි 2 වැනි දින ඇගේ නිවසවූ, ශ‍්‍රී ජයවර්ධනපුර ඇතුළු කෝට්ටේ ඉරේෂා නිල්මිණිනිවසේ දී යුදහමුදා නිලධාරීන් හා නිලධාරිනියන් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කැරිණි.
1974.05.02 වැනි දින උපත ලද ඇය, නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා 1992 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් උසස් ලෙස සමත් වූවා ය.
සිංගප්පූර් ගුවන් සේවය ඔබ්සර්වර් පුවත්පත හා ලේක්හවුස් ආයතනය 1992 දී සංවිධානය කරන ලද මිස් ශ‍්‍රී ලංකා වර්ල්ඩ් 92’ රූප සුන්දරී තරගයට ඉදිරිපත් වී අවසන් නිරූපිකාවන් 15 දෙනා අතරට ද ඉරේෂා ඇතුළත් වූවා ය.
නාරාහේන්පිට ආසිරි රෝහලේ අමුත්තන් පිළිගන්නිය වශයෙන් 1994 දී සේවයට බැඳී සිටියදී ප‍්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන යුද හමුදා පොලිස් කාන්තාවන් සමඟ මිත‍්‍ර වූ ඉරේෂා පසුව හමුදා සේවයට එක් වූවා ය.
යුද හමුදා පොලිස් කාන්තා සේවාවට 1994 ඔක්. 28 දා ඇතුළත් වූ ඇය, 1994 දෙසැම්බර් 27 වැනි දින පළමු වන ශ‍්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකායේ 15 වැනි පුහුණුවීම් බළකායේ ආධුනික සෙබළ 58860 නිල අංකය යටතේ හමුදා පුහුණුව ලැබුවා ය.
ලාන්ස් කෝප‍්‍රල් තනතුරක් සඳහා 1995 මාර්තු 8 වැනි දින උසස් කරනු ලැබූ ඉරේෂා යුද හමුදා පොලිසියේ 39 වැනි විනයාරක්ෂක රෙජිමේන්තුවට ඇතුළත් වී 1995 මාර්තු මස සිට 1995 ජූනි මස 2 වැනි දින දක්වා යුද හමුදා පොලිස් පුහුණුවත් ලැබුවා ය.
සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ ප‍්‍රධානත්වයෙන් 1995 අපෙ‍්‍ර්ල් 14 දා කොළඹ යුද හමුදා කී‍්‍රඩා පිටියේ පැවැති යුද හමුදා අවුරුදු කුමාරි තරගයෙන් ද ඉරේෂා තෙවැනි ස්ථානය ලැබුවා ය. තිස් අට වන යුද හමුදා පොලිස් බළකායට ඇතුළත් ව පලාලි අනුරාධපුර කන්කසන්තුරේ යන පළාත්වල 1995.8.14 දින දක්වා සේවය කර 1996 දෙසැම්බර් 24 දින දක්වා යුද හමුදා පොලිස් මූලස්ථානයට අනුයුක්තව ඇය සේවය කර ඇත.

එවකට යුද හමුදාපතිව සිටි රොහාන් දලුවත්ත මහතාගේ කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරිය ලෙස ද සේවය කරමින් සිටියදී 1996.12.25 සිට 1997.12.26 දින දක්වා යාපනයේ මෙහෙයුම් රාජකාරි යෑමට ඇයට නියෝගයක් ලැබිණි. ඇය මියයෑමට පෙර දින එනම් වර්ෂ 1997 ජනවාරි 1 වැනි දින පලාලිහි දී ඇගේ දින පොතේ, තමාටම සුබ නව වසරක්යනුවෙන් සටහන්කර තිබූ අයුරු අපට දක්නට ලැබුණි.









බුදුරුවගල පන්සල

දැනට ලංකාවේ ඇති පිහිටි ගලක නෙළන ලද උසම ප්‍රතිමාව ලෙස සැලකෙන්නේ බුදුරුවගල ශෛලමය බුද්ධ ප්‍රතිමාවය. හිටි ඉරියව්වෙන නිරූපිත මෙහි උස මීටර 13 ක් (අඩි 46 ක් පමණ) පමණ වෙයි. ප්‍රතිමාව සමඟ දෙපස තවත් ප්‍රතිමා හයක් මෙම ගල් බිත්තියේ පෙළට නෙළා තිබෙයි. ගල් බිත්තිය අඩි 70 ක් පමණ දිගය.
වැල්ලවාය තිස්සමහාරාම පාරේ 48 වන සැතැපුම් කණුව අසලින් වමට හැරී අතුරු පාරක තවත් කි.මි. 4 ක් පමණ ගිය තැනදී වන ගහණයක් තුළ මෙම ගල් තලාව දැක ගැනීමට ලැබේ. මෑත කාලයක් වනතුරුම මෙම ප්‍රදේශයේ අලි ඇතුන්ගෙන් ගහණ හුදකලා ප්‍රදේශයක් වශයෙන් පැවැතුණි.
බුද්ධ ප්‍රතිමාවක් ප්‍රධාන කොට තවත් බෝසත් ප්‍රතිමා නිසා ප්‍රචලිත වූ ස්ථාන ඓතිහාසික මෙන්ම කලාත්මක අතින් ද වැදගත් විශේෂිත පුරාවිද්‍යා බිමකි. ගල් බිතුවක් මත දැවැන්තව නෙළා ඇති බුදුරුව නිසා මෙතන නාමය බුදුරුවගල වශයෙන් ප්‍රසිද්ධියට පත් වූවා විය හැක. එහෙත් පුරාණ ස්ථාන නාමය, කවුරුන් විසින් කවර දා කරන ලද්දැක්දැයි යන බවත් අද වන තුරු නිශ්චිතව තහවුරු කර ගෙන නොමැත.
කලා නිර්මාණයන්ගේ ස්වභාවය අනුව මෙය ක්‍රි.ව. 8 – 9 සියවස් වලට අයත් මහායානිකයන් විසින් කළ නිමැවුමක් බව පුරාවිද්‍යාඥයන්ගේ අදහස වෙයි.
ගල් පව්වේ බිත්තිය මධ්‍යයේ දැවැන්ත ප්‍රතිමා නෙලා ඇත්තේ අර්ධ උන්නතව ය. බුදුරුව දෙපස පරිවාර ප්‍රතිමා තුන බැගින් දර්ශනය වෙයි.
බුද්ධ ප්‍රතිමාවේ විශාලත්වය සහ දෙපස සෙසු ප්‍රතිමාවන්ගේ ස්වරූපය නිසා මෙය දීපංකර බුදුරදුන්ගේ පිළිබිඹුවක් බව අනුමාන කෙරේ. පිළිමයේ විශාලත්වය අනුව බුදුන් වහන්සේගේ ලෝකෝත්තර ස්වරූපය ඉස්මතු වන බව මහායානිකයන් කල්පනා කළ බව පෙනෙයි.

මේ පිළිබඳව ඓතිහාසික බුදුරුවගලනම් ග්‍රන්ථයේ ආචාර්ය මාලිංග අමරසිංහ මෙසේ සඳහන් කර තිබෙයි. ක්‍රි.ව. 6 වන සියවසට අයත් මහායාන වාස්තු විද්‍යා ශාස්ත්‍ර ග්‍රන්ථයක් වන මංජු ශශ්‍රී භාෂිත චිත්‍ර කර්ම ශාස්ත්‍රනම් කෘතියේ මහායාන බෝධිසත්වවරු අට දෙනෙක් පිළිබඳව සඳහන් වෙති. මේ නිසා එකල සමාජයේ මේ බෝධිසත්වවරුන් පිළිබඳ දැන සිටින්නට ඇති අතර ඇතැම්විට ඔවුන්ගේ ප්‍රතිමා ද නෙළන්නට ඇතැයි සිතිය හැක. විශේෂයෙන් රුහුණේ මෙවැනි විශාල බෝධිසත්ව ප්‍රතිමා නිර්මාණය කර තිබීම තුළින් පැහැදිලි වන්නේ මේ කාලයේ මහායාන බුදු දහම රෝහණ දේශයේ වඩාත් ප්‍රචලිතව පැවැතුණු බව ය.

ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ දකුණු පස ඇති ප්‍රතිමා ත්‍රිත්වයේ මැද නෙළා ඇත්තේ අවලෝකීතේශ්වර බෝධි සත්ව ප්‍රතිමාවකි. එහි උස මීටර් 7.16 කි. (අඩි 25 කට ආසන්නය) එම ප්‍රතිමාවේ වම් පසින් නෙළා ඇති ත්‍රිභංග ඉරියව්ව පිළිබිඹු කරන තාරා දේවී ප්‍රතිමාවේ උස මීටර් 5.98 ක් පමණ වෙයි. (අඩි 21 ක් පමණ) මහායානිකයන්ට අනුව තාරාදේවිය අවලෝකීතේශ්වර බෝධිසත්වයන්ගේ භාර්යාවය.
මෙම ප්‍රතිමාව හැර අනෙකුත් සෑම ප්‍රතිමාවක්ම සමභංග ඉරියව්වෙන් නෙළා ඇතත් මෙහි ඇති ස්ත්‍රී රූපය ත්‍රිභංග ස්වරූපයෙන් නෙළා ඇත්තේ ස්ත්‍රී ලාලිත්‍ය වඩා හොඳින් නිරූපණය කිරීමට අවශ්‍ය වූ නිසා යැයි සිතිය හැකි ය. අවලෝකිතේශ්වර බෝධි සත්ව රූපයයේ දකුණු අත පැත්තේ දකින්නට ලැබෙන ප්‍රතිමාව සුධන කුමාර ප්‍රතිමාවයි. මහායාන සම්ප්‍රදායට අනුව සුධන කුමාරා ද බෝධිසත්වවරයෙකි. එහි උස මීටර් 6.53 ක් පමණ වෙයි. (අඩි 23 ක් පමණ)
ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ වම් පසින් දිස්වෙන රූප ත්‍රිත්වයේ මැද නෙලා ඇති ප්‍රතිමාව මතු බුදු බව ලබන මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවය. මෙහි උස මීටර් 7.3 කි. (අඩි 25 1/2 ක් පමණ) එම බෝධිසත්ව රූපයේ වම් අත පැත්තේ නෙලා ඇති ප්‍රතිමාව වජ්‍රපානී බෝසත් ප්‍රතිමාවය. මෙහි උස මීටර් 6.4 කි. (අඩි 22.4 ක් පමණ) වජ්‍රපානී බෝසතුන්ගෙන් ධර්මයේ හඬ සහ එහි ආරක්‍ෂාව සංකේතවත් කරනු ලබන බව කියැවෙයි.
මෛත්‍රී බෝසත් රුවෙහි දකුණු අත පැත්තේ නෙලා ඇති රුව මංජු ශ්‍රී බෝධිසත්ව ප්‍රතිමාවයි. මෙමඟින් මහායාන සම්ප්‍රදායට අනුව මහා ප්‍රඥාව සංකේතවත් කරවනු ලබයි. ඔහු මෛත්‍රී බෝධිසත්වයන්ගේ ධර්මාචාර්යවරයා මෙන්ම උපදේශකවරයා ද වන බව මහායානිකයන්ගේ මතය වේ.
මේ අනුව බුදුරුවගල ඇති ප්‍රතිමා හත වම් අත සිට දකුණට පිළිවෙලින් නම් කළහොත් මෙසේ හඳුනාගත හැකිය. සුධනකුමාර, යෝගී අවලෝකීතේශ්වර, තාරා, දීපංකර බුද්ධ, මංජු ශශ්‍රී, මෛත්‍රී හා වජ්‍රපානී වශයෙනි.
මෙම පිළිම නෙළු මහා ශෛලමය බිත්තිය ඉතා දැඩි බවක් ඇති නිසා සෑම පිළිමයක්ම නෙලීමට ශිල්පීන්ට දැඩි වෙහෙසක් ගැනීමට සිදු වී ඇති බවක් පෙනෙයි. ඒ නිසා එම පිළිම සියල්ල නෙලා ඇත්තේ අර්ධ උන්නත ආකාරයට ගලේ ස්වාභාවික හැරීම් ආදිය ප්‍රයෝජනයට ගනිමින් ය.
මෙහි දිස්වන ස්වරූපය අනුව ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව නෙලීමේ දී ද මෙම අපහසුතාවයට ශිල්පියා මුහුණ දී තිබෙන බව එහි ස්වරූපය අනුව සිතා ගත හැක. පිළිමයේ මුව හතරැස් ය. සිවුරේ සියුම් රැළි ආදිය ගලේ ස්වරූපය නිසා නිසි පරිදි මතු කර පෙන්වීමට නොහැකි වී තිබේ. එම අඩුපාඩුව මැකීමට පිළිම මතුපිටින් හුණු ආලේප කර පිළිමය නිසි ආකාරයට සකස් කර ඇති බවක් පෙනේ. අද එම බදාම ස්ථරයන් දකින්නට නැතත් එහි ශේෂ කොටස් තැන තැන දිස් වෙයි.
සුධන කුමාර සහ මෛත්‍රී බෝසත්වරුන්ගේ පිළිමයන්හි විස්තර තරමක් දුරට ඉතිරිව තිබේ. මෙහි වටකුරු මුහුණු ආදියේ විචිත්‍ර බවක් පෙන්නුම් කරයි.
ඒ අපහසුතා කෙසේ වුවද මහා රළු ගල් තලාවක මුහුණත එක දිගට මෙම ප්‍රතිමා පෙළ නෙලා ගලෙන් සියුම්ව මතු කර ගැනීමට නොහැකි අඩුපාඩු මකාගැනීමට හුණු බදාම ස්ථරයන්ගෙන් පුරවා ඒ ඒ පිළිම වලට අදාළ සුදු, රන්වන්, රතු ආදී පැහැයන්ගෙන් අලංකාර කරමින් එදා නිර්මාණ ශිල්පියා දැවැන්ත අභියෝගයක් ජයගෙන තිබේ. ඒ අනුව පිළිම නෙළු කාලයේ දී මෙම ගල් බිත්තිය ඉතා අලංකාරව විචිත්‍ර පැහැයන්ගෙන් දර්ශනය වී තිබෙන්නට ඇත.
ඇත්තෙන්ම ස්වභාව ධර්මයා විසින් අභියෝගාත්මකව සාදා දුන් ශෛලමය බිත්තිය, අපේ පැරැණි කලාකරු විසින් බිත්ති සැරසිල්ලක් බවට පත් කර තිබේ. එය ස්වභාව ධර්මය තව තවත් විචිත්‍රවත් කරයි. ඒ ධෛර්යවන්ත නිර්මාණකරුවන් ඉතිහාස ගමන් මඟ වර්ණවත් කළ තවත් අපූරු කලා කෘතියක් අපටත් මතු පරපුරටත් ඉතිරිකර තිබේ.
ඇත්තෙන්ම මහායාන සංකල්පය මත ප්‍රතිබිම්භනය කළ මෙම ප්‍රතිමා පෙළෙහි ඇත්තේ අප වඩාත් අත්විඳ නැති නුහුරු ස්වරූපයකි. රූස්ස ගහකොළ අතර මැද නිදහස් පරිසරයක මහා ගල් බිතක මතු පිට මෙම නිර්මාණ පෙරහර හා එකතුවී ඇති මේ නුහුරු බව සිතට එකතු කරන්නේ අපූර්වත්වයකි. පරිසරයේ ඇති දැවැන්ත වෘක්‍ෂයන්ගේ පත් සුළඟට නැලැවෙන සියුම් රිද්මය හා මුසුව අතු ඉති ගැටෙන මන්දස්වරය එකතු කරන්නේ තවත් අපූරු සංගීත රාවයකි. පසු බිමෙන් ඇසෙන ඒ සංගීත ස්වර රටා අතර හිදිමින් මහා කලාගාරයක සම්භාව්‍ය සිතුවත් රස විඳින ආශ්වාදනීය හැඟීමක් මෙතන හුදකලා ස්වභාවික පරිසරය තුළ අත් විඳීමට හැකිවීම අපූරු අද්දැකීමක් වනු ඇත.
ඉතිහාසගත, පුරාවිද්‍යාත්මක විවරණයන් මතවාදයන් පසක තැබූවද, අවසානයේ හිත වෙලන සද්ධාසම්ප්‍රයුක්ත හැඟීම හදවතට ගෙන දෙන්නේ අධ්‍යාත්මික සුවයකි.

බරපතල ලිංගික අපහරණය

ස්ත්‍රි දූෂණය යටතේ අපරාධ ගණයට හසුනොවන අනෙක් සියළු ආකාර බරපතල ලිංගික අපහරණ මීට අදාළ වේ. එමෙන්ම බරපතල ලිංගික අපහරණ යනු ලිංගික ආස්වාදය සඳහා හුදෙක් ප්‍රජනන අවයවයන් හා වෙනත් ශාරීරික අඟපසඟ පමණක් නොව උපකරණ ආදිය හෝ තවත් අයෙකුගේ සිරුරේ විවරයන් හා අඟපසඟ උපයෝගී කරගැනීමට යෙදුනාවූ අපහරණ යන් විය හැකිය.

බරපතල ලිංගික අපහරණය පිළිබඳ පැමිණිලි කිරීම

·         හැකි ඉක්මණින් බලයලත් වෛද්‍යවරයකු වෙත ගොස් වෛද්‍ය පරීක්ෂණයක් කරවා ගන්න. සාක්ෂි ලෙස හිසකෙස්, ශ්‍රාව, කෙඳි හා වෙනත් යමක් ඇත්නම් ඒවා එකතුකර සුරැකිව තබා ගැනීම වෛද්‍යවරයා සතු යුතුකමකි. එසේම බරපතල ලිංගික අපහරණයක් සිදුවී ඇතැයි සැකයක් ඇත්නම් වෛද්‍යවරයා විසින් මේ බව අධිකරණ වෛද්‍යනිලධාරී හා පොලීසිය වෙත වාර්තා කළ යුතුවේ.

·         ළඟම ඇති පොලීස් ස්ථානයට ගොස් පැමිනිල්ලක් දමන්න.

·         පොලීස් ස්ථානයෙහි කාන්තා හා ළමා ඒකකයක් ඇත්දැයි අසා බලන්න. ඔබේ කාරණාව ගැන ගැහැණු පොලිස් නිලධාරිනියක් සමඟ කථාකිරීමට ඔබ වඩා කැමතිනම් කාන්තා පොලීස් නිලධාරිනියක් මුණගැසීමට ඉල්ලන්න. ඔබ පැමිණිලි කරන සිද්ධිය සම්බන්ධ සියළු විස්තර වාර්තාගත වූවාදැයි විමසිලිමත්වන්න.

·         ඔබේ පැමිණිල්ලේ ලේඛණ සටහන අත්සම් කිරීමට පෙර ප්‍රවේශමෙන් කියවා බලන්න.

·         ඔබේ පැමිණිල්ල ලබාගැනීමෙන් අනතුරුව වෙනත් ශාරීරික සාක්ෂි තිබේදැයි පොලීසිය සොයා බලා ඒවා සටහන් කර ගනු ඇත. ඊටත් අමතරව සාක්ෂි කරුවන් සිටීනම් ඒ අයගේ ප්‍රකාශද පොලීසිය විසින් සටහන් කරගනු ඇත.

·         සමහර විට ඔබේ පැමිණිල්ලේ ස්වභාවය අනූව පොලීසියේද මෙම කටයුතු සම්පූර්ණ කර ගැනීමට පැය කිහිපයක් ගත විය හැකිය. සමහර විට පොලීසිය ඔබෙන් අසන ප්‍රශ්න සීමාව ඉක්මවා හාරා අවුස්සන ස්වභාවයක් ගන්න පුළුවන. පොලිස් නිලධාරියා/නිලධාරිනිය එකම විස්තර කීප වාරයක් නැවත නැවත අසන්න පුළුවන. සියළු විස්තර පැහැදිලිව නිවැරදිව සටහන් කරගත යුතු නිසා මෙසේ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සාධාරණය. එසේම වගඋත්තරකරුට විරුද්ධව හැකිපමණ ප්‍රබල චෝදනාවක් කිරීම සඳහා මෙම විස්තර අත්‍යවශ්‍යය.

මෙවැනි අවස්ථාවන්හීදී පැමිණිලි ඉදිරිපත් කිරීමට උදව් උපකාර කරන සංවිධාන ඇත. ඔබේ සැක සාංකා පැහැදිලි කර දීමට ඔවුන්ට පුළුවන.

බරපතල ලිංගික අපහරණය පිළිබඳ නීතිය

වැඩිහිටියන්

1.  1995දී අංක 22 දරණ සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 365(ඇ) වගන්තියට අනූව  බරපතල ලිංගික අපහරණය සාපරාධී (අපරාධයකි) වරදකි. ස්ත්‍රීදූෂණ යටතේ අඩංගු නොවන, හිංසනයට පත්වූ අයගේ කැමැත්තෙන් තොරව සිදුකරනු ලබන සියළුම ලිංගික  ක්‍රියා මෙම අපරාධයට ඇතුලත්ය.

2.  එසේම ලිංගේන්ද්‍රියන් හා සිරුරේ කොටස් පමණක් නොව වෙනත් උපකරණ හෝ වෙනත් කෙනෙකුගේ සිරුරෙහි විවරයන් හෝ සිරුරේ කොටස් උපයෝගී කරගෙන හිංසා සිදුකිරීමද මීට ඇතුළත්ය.

3.  බරපතල ලිංගික අපරාධවලට හිංසනයට පත්වන අයගේ කැමැත්තෙන් තොරවසිදු කරන පහත දැක්වෙන දෑ ද අයත් වේ:

·         කට ලිංගික කාර්ය සඳහා යොදා ගැනීම. ( මුඛ පරපීඩාකාමය)

·         අතින් ලිංගික ආශ්වාදයක් ලබාගැනීම.

·         වෙනත් උපකරණ භාවිතා කර කාමුක ආස්වාදයන් ඇතිකරවීම

හිංසනයට පත් තැනැත්තා අවුරැදු 16ට අඩුනම් හිංසකයා විසින් සිදුකරන ලද ලිංගික කාර්යය පීඩාවට පත් එම ළමයාගේ කැමැත්තෙන් තොරව, සිදුකරන ලද බව ආධ්‍යාහරයෙන් පිළිගැනේ.

·         මෙවැනි සිද්ධියකට මුහුණ පෑ විගසම හැකි පමණ විස්තර ලියා සටහන් කර ගැනීමට පුළුවන් නම් එය ඉතා ප්‍රයෝජනවත්ය. එවිට ඔබට පොලීසියේදී පැමිණිල්ල ඉදිරිපත් කරණවිට සිද්ධිය පිළිබඳ විස්තර මතක්කර ගැනීම පහසු වනු ඇත.

mal'>

සිඟාකෑම නිසා ආරක්‍ෂාවන මහජන ජීවිත


2013.11.03 වැනි දින "දිවයින ඉරිදා සංග්‍රහයේ" පළ වූ "පාර දිගේ නඩ2q ඉල්ලා හිඟා කන රථවාහන පොලිසිය" යනුවෙන් පළ වු ලිපියේ අන්තර්ගත කරුණු පිළිබඳව නිවැරැදි තත්ත්වය ජනතාවගේ දැන ගැනීම පිණිස පැහැදිලි කිරීමට කැමැත්තෙමි.

පදික මාරුවේ නොනවත්වා ධාවනය කිරීම ස්‌ථානීය දඩපත් නිකුත් කළ හැකි වරදක්‌ නොවන්නේය. රථ වාහන හැසිරවීම සඳහා විශාල මුදලක්‌ වැය කර විශේෂ පුහුණුවක්‌ ලබා දුන් පොලිස්‌ නිලධාරීන් යොමු කර ඇත. ඔවුන් දිවා රාත්‍රියේ අව් වැසි නොතකා දුම, දූවිලි මධ්‍යයේ රථ වාහන පාලනය කරමින් නීතිය ක්‍රියාත්මක කරනුයේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසාමය. මාර්ගය භාවිත කරන සියලුදෙනාගේ ජීවිත හා දේපළ ආරක්‍ෂා කිරීම ඔවුන් වෙත පැවරී ඇති වගකීමය.

රථ වාහන වරදක්‌ සිදු කරන රියෑදුරෙකු හෝ පැදිකරුවෙකු අනිවාර්යයෙන්ම ස්‌ථානීය දඩ පතක්‌ ලබා ගත යුතුම නැත. තමන් රථ වාහන නීති උල්ලංඝනයක්‌ සිදු නොකළ බව ස්‌ථිරවම දන්නා රියෑදුරන්ට හා පැදිකරුවන්ට වෙනත් පියවරක්‌ කරා යොමු වීමට හැකියාව ඇත.

රථ වාහන නීතියක්‌ උල්ලංඝනය නොකරන රියෑදුරන් හා පැදිකරුවන්ට දඩපත් නිකුත් කිරීමට හෝ නඩු පැවරීමට කිසිදු පොලිස්‌ නිලධාරියෙකුට බලය පවරා නොමැත. නමුත් තමන් ඉදිරියේ රථ වාහන වරදක්‌ සිදු කරන රියෑදුරෙකුට හෝ පැදිකරුවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අලස වන පොලිස්‌ නිලධාරීන් සිදු කරනුයේ රාජකාරිය පැහැර හැරීමක්‌ මෙන්ම එම රියෑදුරන්ට නරක ආදර්ශයක්‌ සැපයීමකි.

දිනපතා ඉහළ යන රිය අනතුරු දෙස අවධානය යොමු කිරීමේ දී දිනකට රිය අනතුරු 115 ක්‌ පමණ සිදුවන බව ලැබෙන වාර්තා අනුව පෙනී යයි. එයින් මාරක රිය අනතුරු මගින් 07 දෙනකු පමණ මිය යති. 60 දෙනකු පමණ තුවාල ලබන අතර දේපළ හානි 50 ක්‌ පමණ වාර්තා වේ.



මෙසේ පදිකයන් මිය යන්නේ විනයගරුක හා නීතිගරුක නොවන රියෑදුරන්ගේ රිය ධාවනය නිසාමය. පදිකයන්ගේ ද යම් වගකීමක්‌ ඇති බව සත්‍යකි. එසේ උවද රියෑදුරන් හා පැදිකරුවන් පුහුණුව ලත් පිරිසක්‌ බැවින් නෛතික වගකීම ඔවුන් වෙත පැවරී ඇත.

රිය අනතුරු අවම කර වාහන ගමනාගමනය පහසු කරවීම රථවාහන පොලිස්‌ නිලධාරීන් වෙත පැවරී ඇති රාජකාරියකි. එම රාජකාරිය නිසි පරිදි අධීක්‍ෂණය කර නිලධාරීන් දිරිමත් කිරීම උසස්‌ පොලිස්‌ නිලධාරීන්ගේ වගකීම වන්නේය, එසේ නොවුනහොත් එම නිලධාරීන් අලසකමින් යුතුව රාජකාරිය නිසි පරිදි ඉටු නොකරනු ඇත. එවිට අනතුරට පත් වනුයේ මේ රටේ ජනතාවය. එහිදී පවුල් සංස්‌ථාවත් ශ්‍රම බළකායත් සමස්‌ත සමාජයත් ව්‍යාකූල වනු ඇත.

රථවාහන නඩු මගින් හෝ ස්‌ථානීය දඩ පත් නිකුත් කිරීමෙන් ලැබෙන ආදායම කිසිසේත් පොලිස්‌ දෙපාර්තමේන්තුවට බැර වන්නේ නැත. එම මුදල් පළාත් පාලන ආයතනයට හෝ මධ්‍යම රජයට බැර වේ. එම නිසාවෙන් "දිවයින" ලියුම්කරු සඳහන් කරන පරිදි රථ වාහන පොලිස්‌ නිලධාරීන්ට පාර දිගේ නඩු ඉල්ලා හිඟා කෑමෙන් කිසිදු ප්‍රතිඵලයක්‌ අත් නොවේ.

රටේ පවතින නීතියට අනුව දඩ ගැසීමෙන් හෝ දඬුවම් නියම කිරීමෙන් අපේක්‍ෂා කරන ප්‍රතිඵල දෙකකි.

01. වරද සිදු කළ අයට නැවත එවැනි වැරැදි නොකිරීමට මග පෙන්වීම.

02. සමාජයට ආදර්ශයක්‌ ලබා දීමටය.

රථවාහන හසුරුවන පොලිස්‌ නිලධාරින් දුටු විට හෝ සිටින බව දැනගත් විට පමණක්‌ නීතිගරුක වන රියදුරන් හා පැදිකරුවන් සෙසු ස්‌ථානවලදී නීතිය නොසලකාහැරීම නිසාවෙන් වසරකට අහිමිවන ජීවිත ගණන යුද සමයේ අහිමි වූ ජීවිත සංඛ්‍යාවටද වඩා ඉහළ අගයක්‌ ගෙන ඇත.



එසේ අහිමිවන ජීවිත කේන්ද්‍රකර ගනිමින් තවත් විශාල ජීවිත සංඛ්‍යාවක්‌ අසරණ වනු ඇත. එසේම තුවාල වන පුද්ගලයන් ආබාධිත තත්ත්වයට පත් වන්නේ රටේ ශ්‍රම බළකායටත්, පවුල් සංස්‌ථාවේ පැවැත්මටත්, රටටත් බරපතළ අගතියක්‌ අනර්ථයක්‌ සමඟිනි. ජීවිතවල වටිනාකම අවබෝධ කර නොගනිමින් කටයුතු කරන රියෑදුරන්ට හා පැදිකරුවන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීම මගින් හෝ මෙම තත්ත්වය පාලනය කළ යුතුමය.

රථ වාහන නීතිය උල්ලංඝනය කරන රියෑදුරන්ට හා පැදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසිය අපකීර්තියට පත්වන කරුණක්‌ බව සඳහන් කරන්නේ නම් හෝ මහජන මිත්‍රශීලි පොලිසියක්‌ ගොඩනැගීමට බාධාවක්‌ බව පවසන්නේ නම් එය අර්ථ රහිත ප්‍රකාශයකි.

මාර්ගය පරිහරණය කරන රියෑදුරන් හා පැදිකරුවන් රථ වාහන පොලිස්‌ නිලධාරියෙකුගේ සංඥ කිරීමකට අවනතව රථය නවතා තමා කිසිදු රථ වාහන නීතියක්‌ උල්ලංඝනය නොකළේ යෑයි හෝ නීතියේ සඳහන් නොකර හැරීමක්‌ සිදු කර නැතැයි ප්‍රකාශ කිරීමට මත්තෙන් තම හෘද සාක්‍ෂියට ආමන්ත්‍රණය කිරීමට හැකි වන්නේ නම් ඔහුට හෝ ඇයට තම හෘද සාක්‍ෂිය විසින් නිවැරැදි පිළිතුර ලබා දෙනු ඇත.

රථවාහන රාජකාරි කරන ඉතාම අතලොස්‌සක්‌ වූ පොලිස්‌ නිලධාරීන් දූෂිත විය හැක. එනමුදු දිනකට පැය 18 කට වඩා වැඩි කාලයක්‌ තම ජීවිත පරදුවට තබා බහුතරයක්‌ වූ පොලිස්‌ නිලධාරීන් රථ වාහන නඩු ලබා ගැනීම සිඟාකෑමක්‌ නොව මාර්ගයේ යන සැමගේ ජීවිත ආරක්‍ෂා කර මාර්ග ආරක්‍ෂාව තහවුරු කිරීමයි.

අජිත් රෝහණ,
අධ්‍යක්‍ෂ/ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි,
පොලිස්‌ මහජන සම්බන්ධතා කොට්‌ඨාසය සහ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක.

ළමා අයිතිවාසිකම්

ඔබට දරුවකු වි‍ෂයෙහි පහත සදහන් යම් ගැටළුවක් වේ නම්, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ඒ සඳහා විසදුම් සැපයීමේ මෙහෙවරක යෙදි සිටියි. එම රාජකාරී කටයුතු සඳහා ලංකාවේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම අපගේ නිලධාරියෙකු / නිලධාරිනියක‍ගේ සේවය ලබාදී තිබේ.     
ර‍‍ටේ මොනයම් හෝ තැනක දරුවෙකු,      
  1. නීතිමය වශයෙන් ළමා අයිතීන් කඩවන තත්වයකට පත්ව ඇත්නම්    
  2. දරුවකු ළමා අපයෝජන හා අපචාර තත්වයන්ට ගොදුරුවී ඇත්නම්
  3. දරුවකු ළමා මෙහෙකාර සේවයේ යොදවා ඇත්නම්
  4. දරුවකු ලිංගික අපයෝජනයකට හෝ වෙනත් අකටයුත්තකට ගොදුරුව පුනරුත්ථාපනය සදහා යොමු කල යුතු නම්
  5. දරුවකුගේ සෞඛ්‍ය හා වර්ධනයට අවශ්‍ය ඉඩකඩ ඇහිරී ඇත්නම්
  6. දරුවාගේ අධ්‍යාපනය සදහා ඇති අයිතිය සුරක්ෂිත කල යුතුව ඇත්නම්
  7. යම් දරුවකු හදිසි විපත් වලට මුහුණ දී ඇත්නම් හා ඔවුන්ට යම් ආධාර ක්‍රමයක අවශ්‍යතාවය ඇත්නම් ( නිවුන්දරු උපත්, විශේෂිත වෛද්‍යාදාර, හදිසි ස්වභාවික විපත්)
  8. ඉහත විෂයයන් පිළිබදව ඔබට යම් කිසි දැනුවත් කිරීමක් හෝ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඔබේ ප්‍රදේශවාසීන් වෙනුවෙන් සංවිධානය කරගත යුතුව ඇත්නම්,
          පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන සෙවණ සරණ කැපකරු මාපිය ක්‍රමය හා කැපකරු මවක පියෙකු ලෙස හෝ වෙනත් කරුණක් සම්බන්ධව ගැටළුවක් වේනම් සහ ‍අපේ සේවාව පිළිබදව ඕනෑම ගැටළුවක් වේ නම්, මුණගැහෙන්න, කාථාකරන්න, එන්න, ඔබේ ළගම ඇති ප්‍රදේශීය ලේකම් කාර්යාලය වෙතට!
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් ඌව පලාත , මොණරාගල

ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීප්‍රා‍දේශීය මහ ලේකම් කාර්යාලයදුරකථනෆැක්ස්විද්‍යුත් තැපෑල
Mrs. H. G. S. GunarathneBibila552263725,--
Mr. A. D. P. AbesingheBuththala552250044,0552263644-
Mrs. K. SiriyalataSiyablanduwa552276238,0552276238-
Mrs. D. M. KanthiBadalkumbura552273933,0552273938-
Mr. R. M. ThilakasiriThanamalvila-05522762231-
Mrs. K. J. L. M. KumuduneeSevanagala472234038,--
Miss. R. M. DayawathiWellawaya572268138,--
Miss. K. N. ChandrikaMedagama572246346,--
Mr. K. M. T. BandaraMadulla472235338,0472235338-
Mr. A. G. BandaraMonaragala552265338,--
ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් ඌව පලාත , බදුල්ල

ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීප්‍රා‍දේශීය මහ ලේකම් කාර්යාලයදුරකථනෆැක්ස්විද්‍යුත් තැපෑල
Mrs. T. M. A. C. TennakoonMeegahakiula552222238,0552222237-
Mrs. M. A. D. M. R. JayawardanaKandeketiya552294338,552294338-
Mr. Y. M. A. P. B. YapaMahiyanganaya552245638,0552245639-
Mr. J. M. PathmasiriBadulla552257238,0552257238-
Mrs. W. T. S. WeerasinghePassara552245738, 552245739552257238-
Mrs. S.M.A.S RenukaProvincial office-Uva55228838,552288138-
Mr. A. D. S. UdawelaSoranathota552265298,--
Mrs. P. S. C. ManathugaHaliela552229891,--
Mrs. E. M. A. SwarnakanthiLunugala552265339,0552265339-
Mr. K. H. R. L. K. AbewardanaHaputhale552222835,--
Mrs. B. G. C. SrimathiElla552274839,552274438-
Mrs. D. C. HettigodaHaputhale572222238,0572222978-
Mr. S. U. RanaweeraHaliela572228998,572222917-
Mrs. W. M. J. KumariBandarawela572229038,--
Mr. N. M. KarunarathneWelimada552232730,--

උඩරට ගිවිසුම

වසර 1815 මාර්තු 04වන දින ඉංග්‍රීසි ජාතික ආක්‍රමණිකයන් හා ශ්‍රී ලංකාවේ එකල පැවති එකම නිදහස් රට වූ කන්ද උඩරට විසූ රට කරවූ රදළ වරුන් අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකි. මෙමගින් සිංහලේ නමින් එකල හඳුන්වනු ලැබූ භූමියේ පාලනය පිළිබඳ අයිතිය එක්සත් රාජධානියට පවරන ලදී.
උඩරට ගිවිසුම ආරම්භ වන්නේ "ක්‍රිස්‌තු වර්ෂ එක්‌වා දහස්‌ අටසිය පහළොහක්‌ වූ මාර්තු මස දෙවැනි දින නොහොත් සිංහල වර්ෂ ප්‍රමාණයෙන් ශක වර්ෂ එක්‌වා දහස්‌ සත්සිය තිස්‌හයට පැමිණි අවුරුද්දේ නවම් මස අවසනවක්‌ තීර්ථය ලත් ගුරු දින..." යනුවෙන් සඳහන් කරමිනි 1796 දී මෙරට මුහුදුබඩ පළාත් ලන්දේසීන්ගෙන් අල්ලාගත් ඉංග්‍රීසිහු උඩරටට ඇතුළුව 1815 පෙබරවාරි 18 වැනි දින ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීමත් සමග සමස්‌ත දිවයිනේම ස්‌වාමීත්වයට පත්වූහ. 1796 සිට 1815 දක්‌වා ලංකාවේ මුහුදුබඩ පළාත් පාලනයට ඔවුන්ට ගිවිසුම් හෝ සම්මුතීන් අවශ්‍ය නොවූවත් 1815 දී උඩරට යටත් කිරීමත් සමග මෙවැනි ගිවිසුමක්‌ අවශ්‍ය වූයේ එවකට බලවත්ව සිටි උඩරට සිංහල ප්‍රධානීන් අවනතව තබා ගැනීමට අවශ්‍ය වූ හෙයිනි. සිංහල ප්‍රධානීන් වටා ජනතාවද, ආගමද, සිංහල සිරිත් විරිත්ද, සම්ප්‍රදායන්ද ඇඳී බැඳී තිබුණ හෙයින් දෙපාර්ශ්වීය ගිවිසුමක අවශ්‍යතාව ඉංග්‍රීසිහු වටහාගෙන සිටියහ.
1815 මාර්තු 02 උඩරට ගිවිසුම අත්සන් කළ දා
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගෙන සති දෙකක්‌ යැමට පෙර උඩරට ගිවිසුම සිංහල ප්‍රධානීන් ඉදිරියේ කියවීමෙන් මේ සඳහා වූ ඉංග්‍රීසින්ට වූ හදිසිය කැපී පෙනේ. මෙම ගිවිසුම සකස්‌ කිරීමට සිංහල පාර්ශ්වය වෙනුවෙන් ඇහැලේපොල, කපුවත්තේ (පිළිමතලව්වේ), මොල්ලිගොඩ හා මිල්ලෑව දිසාවද සහභාගි වී අති බවක්‌ ඉංග්‍රීසි පාර්ශ්වය වෙනුවෙන් සිංහල භාෂාව පිළිබඳ මනා පරිචයක්‌ ලබා සිටි ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක ජෝන් ඩොයිලි මහතාත් ආණ්‌ඩුවේ නියෝජ්‍ය ලේකම් වූ ඡේම්ස්‌ සදර්ලන්ඩ් මහතාත් ක්‍රියාකර ඇති බව පෙනේ.