Search This Blog

Tuesday, February 11, 2014

බරපතල ලිංගික අපහරණය

ස්ත්‍රි දූෂණය යටතේ අපරාධ ගණයට හසුනොවන අනෙක් සියළු ආකාර බරපතල ලිංගික අපහරණ මීට අදාළ වේ. එමෙන්ම බරපතල ලිංගික අපහරණ යනු ලිංගික ආස්වාදය සඳහා හුදෙක් ප්‍රජනන අවයවයන් හා වෙනත් ශාරීරික අඟපසඟ පමණක් නොව උපකරණ ආදිය හෝ තවත් අයෙකුගේ සිරුරේ විවරයන් හා අඟපසඟ උපයෝගී කරගැනීමට යෙදුනාවූ අපහරණ යන් විය හැකිය.

බරපතල ලිංගික අපහරණය පිළිබඳ පැමිණිලි කිරීම

·         හැකි ඉක්මණින් බලයලත් වෛද්‍යවරයකු වෙත ගොස් වෛද්‍ය පරීක්ෂණයක් කරවා ගන්න. සාක්ෂි ලෙස හිසකෙස්, ශ්‍රාව, කෙඳි හා වෙනත් යමක් ඇත්නම් ඒවා එකතුකර සුරැකිව තබා ගැනීම වෛද්‍යවරයා සතු යුතුකමකි. එසේම බරපතල ලිංගික අපහරණයක් සිදුවී ඇතැයි සැකයක් ඇත්නම් වෛද්‍යවරයා විසින් මේ බව අධිකරණ වෛද්‍යනිලධාරී හා පොලීසිය වෙත වාර්තා කළ යුතුවේ.

·         ළඟම ඇති පොලීස් ස්ථානයට ගොස් පැමිනිල්ලක් දමන්න.

·         පොලීස් ස්ථානයෙහි කාන්තා හා ළමා ඒකකයක් ඇත්දැයි අසා බලන්න. ඔබේ කාරණාව ගැන ගැහැණු පොලිස් නිලධාරිනියක් සමඟ කථාකිරීමට ඔබ වඩා කැමතිනම් කාන්තා පොලීස් නිලධාරිනියක් මුණගැසීමට ඉල්ලන්න. ඔබ පැමිණිලි කරන සිද්ධිය සම්බන්ධ සියළු විස්තර වාර්තාගත වූවාදැයි විමසිලිමත්වන්න.

·         ඔබේ පැමිණිල්ලේ ලේඛණ සටහන අත්සම් කිරීමට පෙර ප්‍රවේශමෙන් කියවා බලන්න.

·         ඔබේ පැමිණිල්ල ලබාගැනීමෙන් අනතුරුව වෙනත් ශාරීරික සාක්ෂි තිබේදැයි පොලීසිය සොයා බලා ඒවා සටහන් කර ගනු ඇත. ඊටත් අමතරව සාක්ෂි කරුවන් සිටීනම් ඒ අයගේ ප්‍රකාශද පොලීසිය විසින් සටහන් කරගනු ඇත.

·         සමහර විට ඔබේ පැමිණිල්ලේ ස්වභාවය අනූව පොලීසියේද මෙම කටයුතු සම්පූර්ණ කර ගැනීමට පැය කිහිපයක් ගත විය හැකිය. සමහර විට පොලීසිය ඔබෙන් අසන ප්‍රශ්න සීමාව ඉක්මවා හාරා අවුස්සන ස්වභාවයක් ගන්න පුළුවන. පොලිස් නිලධාරියා/නිලධාරිනිය එකම විස්තර කීප වාරයක් නැවත නැවත අසන්න පුළුවන. සියළු විස්තර පැහැදිලිව නිවැරදිව සටහන් කරගත යුතු නිසා මෙසේ දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සාධාරණය. එසේම වගඋත්තරකරුට විරුද්ධව හැකිපමණ ප්‍රබල චෝදනාවක් කිරීම සඳහා මෙම විස්තර අත්‍යවශ්‍යය.

මෙවැනි අවස්ථාවන්හීදී පැමිණිලි ඉදිරිපත් කිරීමට උදව් උපකාර කරන සංවිධාන ඇත. ඔබේ සැක සාංකා පැහැදිලි කර දීමට ඔවුන්ට පුළුවන.

බරපතල ලිංගික අපහරණය පිළිබඳ නීතිය

වැඩිහිටියන්

1.  1995දී අංක 22 දරණ සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 365(ඇ) වගන්තියට අනූව  බරපතල ලිංගික අපහරණය සාපරාධී (අපරාධයකි) වරදකි. ස්ත්‍රීදූෂණ යටතේ අඩංගු නොවන, හිංසනයට පත්වූ අයගේ කැමැත්තෙන් තොරව සිදුකරනු ලබන සියළුම ලිංගික  ක්‍රියා මෙම අපරාධයට ඇතුලත්ය.

2.  එසේම ලිංගේන්ද්‍රියන් හා සිරුරේ කොටස් පමණක් නොව වෙනත් උපකරණ හෝ වෙනත් කෙනෙකුගේ සිරුරෙහි විවරයන් හෝ සිරුරේ කොටස් උපයෝගී කරගෙන හිංසා සිදුකිරීමද මීට ඇතුළත්ය.

3.  බරපතල ලිංගික අපරාධවලට හිංසනයට පත්වන අයගේ කැමැත්තෙන් තොරවසිදු කරන පහත දැක්වෙන දෑ ද අයත් වේ:

·         කට ලිංගික කාර්ය සඳහා යොදා ගැනීම. ( මුඛ පරපීඩාකාමය)

·         අතින් ලිංගික ආශ්වාදයක් ලබාගැනීම.

·         වෙනත් උපකරණ භාවිතා කර කාමුක ආස්වාදයන් ඇතිකරවීම

හිංසනයට පත් තැනැත්තා අවුරැදු 16ට අඩුනම් හිංසකයා විසින් සිදුකරන ලද ලිංගික කාර්යය පීඩාවට පත් එම ළමයාගේ කැමැත්තෙන් තොරව, සිදුකරන ලද බව ආධ්‍යාහරයෙන් පිළිගැනේ.

·         මෙවැනි සිද්ධියකට මුහුණ පෑ විගසම හැකි පමණ විස්තර ලියා සටහන් කර ගැනීමට පුළුවන් නම් එය ඉතා ප්‍රයෝජනවත්ය. එවිට ඔබට පොලීසියේදී පැමිණිල්ල ඉදිරිපත් කරණවිට සිද්ධිය පිළිබඳ විස්තර මතක්කර ගැනීම පහසු වනු ඇත.

mal'>

No comments:

Post a Comment