පළමුවන ඊළාම් යුද්ධය යනු ශ්‍රී ලංකා රජය සහ දෙඊවිකො අතර අවිගත් ගැටුමෙහි ආරම්භක අවධිය හැඳින්වීමට භාවිතා වන නාමයයි. 1970 ගණන් වල සිට දෙමල සන්නද්ධ කණ්ඩායම් හා රජය අතර ගැටුම් තිබුනද 1983 ජුලි 23 වන දින හමුදා මුර සංචාරයකට යාපනයේදී පහරදීම තෙක් පුර්ණ යුද්ධයක් හට නොගත්තේය. මෙම ප්‍රහාරයෙන් සෙබළුන් 13 දෙනෙක් මියගිය අතර , දකුණේ කැරලි තත්වයක් (කළු ජුලිය නමින් හැදින්වුන) හට ගන්තේය. මෙම ගැටුම් 1985 තෙක් දිව ගිය අතර, 1985 දී සාකච්චාමය විසදුමක් වෙනුවෙන් වූ තිම්පු සාකච්චා දක්වා දිවගියේය. තිම්පු සාකච්චා අසාර්ථක වූ අතර ගැටුම් නැවතත් ආරම්භ විය.
1987 වන විට ශ්‍රී ලංකා හමුදා එල්.ටී.ටී.ඊ සංවිධානය යාපනයට කොටු කර තිබුන අතර , ගැටුමට අවසානයක් ගැන විශ්වාසයෙන් සිටියහ. කෙසේ වුවත් , ඉන්දියාවේ සිටින මිලියන 50 ක් වූ ද්‍රවිඩ ජනතාව ගේ පිඩනයට ලක්වූ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි යුද මෙහෙයුම නතර කරන මෙන් ලංකාවෙන් ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප වීම සමග ඉන්දියාව එල්.ටී.ටී.ඊ සංවිධානයට ආධාර පිණිස නැවු කණ්ඩායමක් එවූ අතර එම නෞකා ශ්‍රී ලංකා නාවික හමුදාව නැවැත්වීමත් සමග , ඉන්දියාව ගුවනින් ගැටුමට ලක්වූ නගරයට ආධාර හෙලන ලදී. මෙය පුමලයි මෙහෙයුම ලෙස හදුන්වන ලදී.
මෙම මෙහෙයුම හා ඉන්දීය පාබල හමුදා ශ්‍රී ලංකාවේ මෙහෙයුමකට සුදානම් වීමේ අවධානමත් සමග එවකට ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මෙම ගැටළු කාරී තත්වය මග හරවා ගැනීමට ඉන්දියාව සමග සාකච්චා පැවැත්විය. මෙම සාකච්චා වල එකගතාවයක් ලෙස යාපනය කොටුකරමින් කරන ලද මෙහෙයුම නවතන ලද අතර 1987 ජුලි 29 වන දින ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම අත්සන් කරන ලදී. ඉන්පසු ශ්‍රී ලංකා ගමුදව උතුරින් ඉවත් වූ අතර එම ප්‍රදේශයේ පුර්ණ පාලනය ඉන්දියානු සාම සාධක හමුදාවට පවරන ලදී. මේ සමග ඊළාම් යුද්ධයේ පළමු අදියර අවසන් විය.
No comments:
Post a Comment